මෛත‍්‍රි-සජිත් අද විශේෂ හමුවේ තොරතුරු මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 12, 2019

මෛත‍්‍රි-සජිත් අද විශේෂ හමුවේ තොරතුරු මෙන්න..

ක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙන්නේ යැයි පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


අද දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන පොහොය දින වැඩසටහනක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වනු ඇති බවත් ඒ සඳහා සියලුම මැති ඇමතිවරුන්ට ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංස්කෘතික ඇමැතිවරයා ලෙස ජන සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවයට සහභාගි වනු ඇත්තේ ත්‍රිපිටකාභිවන්දනා වැඩපිළිවෙළ සඳහා සහභාගි වූවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා විෂයබාර ඇමැතිවරයා වශයෙන් යයිද ඔහු කියා සිටියේය.

ඒ හැර ජනාධිපතිවරණ අපේක්ෂක අපේක්ෂකත්වය හෝ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පුද්ගලිකව කිසිවක් ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා සිදු නොවනු ඇති බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad