මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 ක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 ක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට

කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 දෙනෙක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ අතර සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 04 දෙනෙකු ද සිටියි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ උදෑසන ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් මෙම පිරිස රෝහලට ගෙනා බවයි. මේ වන විට එම සියලු නිලධාරීන් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසික වාට්ටු වෙත යොමු කර තිබෙන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad