21 වතාවක් FCID ය මග හැරි රාජිතට එරෙහිව විමර්ශන ආරම්භ කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 20, 2019

21 වතාවක් FCID ය මග හැරි රාජිතට එරෙහිව විමර්ශන ආරම්භ කෙරේ

21 වතාවක් FCID ය මග හැරි රාජිතට එරෙහිව විමර්ශන ආරම්භ කෙරේ

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කළ කැඳවීම් 21 සඳහා ප්‍රතිචාර දැක්වීම රාජිත සේනාරත්න මහතා විසින් මගහැර තිබිණි. ඒ ඇමතිවරයෙකු ලෙස රාජ්‍ය බලය යොදා ගනිමිනි.

නව රජය යටතේ ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කරන බවට තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රැසක් සේනාරත්න මහතාට එරෙහිව පැමිණිලි රැසක් FCID යට ඉදිරිපත් කරන තිබිණි.

FCIDය පහුගිය යහපාලන රජය යටතේ ඇති කරන ලද්දකි.


No comments:

Post a Comment

Post Bottom Ad