රටේ ආරක්ෂාව ගැන දැනීමක් හා තැකීමක් මේ රජයට නැහැ - ගෝඨාභය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 17, 2019

රටේ ආරක්ෂාව ගැන දැනීමක් හා තැකීමක් මේ රජයට නැහැ - ගෝඨාභය

වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය නොදුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හොරණදී පැවති ජන රැලියක් අමතමින්.
රටේ ආරක්ෂාව පිළිබඳ කිසිම දැනුමක් හා තැකීමක් නොමැති මෙවැනි රජයකින් පොදු ජනතාවට ඉදිරියේදී ද ආරක්ෂාව ලැබේවි යැයි විශ්වාස කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළා

එමෙන්ම පසුගිය රජය සමයේ රටේ විශාල ආර්ථික සංවර්ධනයක් මෙන්ම කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණවන නගරය බවට පත්කිරිමට හැකිවූ බවත් ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් වත්මන් රජය විසින් එම සංවර්ධන වැඩ කටයුතු නවතා දාමා ඇති නිසා ආර්ථිකය කඩා වැටීමට ලක්වූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad