ගෝඨාභය අද හොරණට.! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 16, 2019

ගෝඨාභය අද හොරණට.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීමට පැවැත්වෙන රැළි මාලාවේ හොරණ ජන රැළිය අද පැවැත්වෙනවා. ඒ අද (16) පස්වරු දෙකට පමණය. 
මෙම ජන රැළියට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම අවස්තාවට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් මහා සංඝ රත්නය, අන්‍යාගමික පූජකවරුන්, දේශපාලන නායකයන් හා ප්‍රදේශවාසී ජනතාව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

මෙම ජන රැළිය ආරම්භ වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා හොරණ රජමහා විහාරය වැඳ පුදා ගැනීමට නියමිතය. එහිදී මහා සංඝ රත්නය ජය පිරිත් සජ්ජායනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමට කටයුතු සුදානම් කර තිබෙන බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad