තොන්ඩමන්ගේ සහය පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 13, 2019

තොන්ඩමන්ගේ සහය පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට


තම පක්ෂයේ සහය එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පෙරවරුවේ හැටන් කොටගල ප්‍රදේශයේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබදව පක්ෂ විධායක සභාව අද පෙරවරුවේ රැස්වීමෙන් අනතුරුව මෙමතීරණය ගෙන ඇත.

වතුකරයට බලපාන ගැටලු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාසමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිය පක්ෂය සාකච්ඡා පැවැත්වු බව සඳහන් කළ ආරුමුගම් තොන්ඩමන් මහතා පැවසුවේ එහිදි ලැබුණු ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad