ඇල්පිටිය ප‍්‍රතිඵලයෙන් සජිත්ගේ ජනාධිපතිකම තහවුරු වුණා..- මංගල අමුතුම ගාණක් හදා පෙන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 13, 2019

ඇල්පිටිය ප‍්‍රතිඵලයෙන් සජිත්ගේ ජනාධිපතිකම තහවුරු වුණා..- මංගල අමුතුම ගාණක් හදා පෙන්වයි..

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය මගින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු වූ බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් 59%ක් වූ ඡන්ද ප්‍රතිශතය මෙවර ලබා ගෙන නැති බවද ඔහු කීවේය.

මෙවර ලබාගෙන ඇත්තේ 56% ප‍්‍රතිශතයක් පමණක් බවද ඔහු කියා සිටියේය.

එම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවා සේම මෙවර ජනාධිපතිවරණයෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය වන බව ඔහු සඳහන් කළේය.

මාතරදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා 39%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් ඔහු සඳහන් නොකළේය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී වෙනම තරග කිරීම ගැන ද ඔහු කිසිවක් නොකීය.

එක්සත් ජාතික පක්‍ෂය මෙවර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවෙන් ලබා ගත්තේ 24%ක ප‍්‍රතිශතයක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad