ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 15, 2019

ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා නිදහස් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කෝවිලක පුජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් කර විරෝධතා ව්‍යපාරයක් අද (15) සිදු කරනු ලැබිනි.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දේව පුජාව සහ උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

ඉකුත් මස 19 දින කළුතර තෙඹුවන ටොයිස් වතුයායේ මිය ගිය වතු කම්කරුවෙකුගේ මෘත දේහය එම වතුයායේ පාලන අධිකාරිය මගින් මිහිදන් කිරිමට අවස්තාව ලබා නොදිසිටියදි අධිකරණ නියෝගයද නොතකා නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා මැදිහත්වි  එම මෘත දේහය එම වතුයායේ පොදු සුසාන භුමියේදිම වතු පාලන අධිකාරියේ විරෝධය මැද මිහිදන් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩුවකට පෙනි සිටි නියොජ්‍යය අමාත්‍යයවරය මතුගම මහෙස්ත්‍රාත්වරයා විසින් හෙට (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලදී.

උද්ඝෝෂනයේ නියැලි සිටි හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ සුළු ජාතින් නියොජ්නය කිරිමට මේ රටේ දේශපාලන නායකයින් සිටියත්, එම නායකයින්ද එ පිලිබදව අවධාරණය නොකර සිටියදි අමාත්‍යය පාලති තෙවරප්පෙරුම මහතා ඉදිරිපත් වි මිය ගිය තම සහෝදර වතු කම්කරුවෙකුට සාධාරණයක් ඉටු කර දුන් බවයි.

එවැනි අමාත්‍යවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිම සාධාරණ නොවන බවත්, නියෝජ්‍යය අමාත්‍යයවරයාව ඇතුළු සිද්ධියට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර කර ඇති සියළු දෙනා  නිදහස් කල යුතු බව පවසමින් වතු කම්කරුවන් උද්ඝෝෂනයේ නියැලි සිටියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad