සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන් එක වේදිකාවකට කැඳවන වෑයමක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 23, 2019

සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන් එක වේදිකාවකට කැඳවන වෑයමක් !

සියලුම ජනාධිපති අපේක්‍ෂකයන් ඔක්තෝබර් 5 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී එකම වේදිකාවකට
කැඳවීමට මාර්තු 12 ව්‍යාපාරය කටයුතු කරන බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි
සඳහන් කරයි.

මේ වන විට එම අවස්ථාවට සහභාගිවීමට ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක හා එජාපයේ
තවම නම් නොකළද සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඊට එකඟත්වය පළකළ බවද එම ව්‍යාපාරයේ කැඳවුම්කරු පවසයි.

මේ බව හෙතෙම සඳහන් කළේ ඊයේ (22දා) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ අභිලාශ එළිදැක්වීම් මහජන සම්මන්ත්‍රණයක්් පැවැත්වෙන බවත් එසේම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට මහජනතාවට අවස්ථාව සැලසෙන බවත් සඳහන් කළ කැඳවුම්කරු මැතිවරණය සිදුකළ යුතු ආකාරය පිළිබඳව එකඟතාවකට පැමිණෙන  බවත් පුරවැසි නිරීක්ෂණ නිලධාරීන් 3,000ක් එම අවස්ථාවට පැමිණෙන බවත් පැවැසීය.

පළමු වතාවට ලංකාව තුළ මෙවැනි අවස්ථාවක් මහජනතාවට උදාවන බවත් එම නිසා මාධ්‍ය ආයතන
කීපයක් එම අවස්ථාව සජීවීව විකාශය කිරීමට එකඟව ඇති බවත් සඳහන් කළ මාර්තු 12 ව්‍යාපාරයේ
කැඳවුම්කරු, මූලික වශයෙන් එම අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන
ක්‍රමවේදය පිළිබඳව ජනාධිපති අපේක්‍ෂකයන්ගෙන් ප්‍රශ්න කරන බවද පැවැසීය.

නුවන් හෙට්ටිආරච්චි


No comments:

Post a Comment

Post Bottom Ad