දිල්රුක්ෂි, දප්පුල හමුවේ සිද්ධිය වමාරයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 23, 2019

දිල්රුක්ෂි, දප්පුල හමුවේ සිද්ධිය වමාරයි !

වන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇති වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබන ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබු ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.

සොලිසිටර් ජනරාල් වික්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කර ඇතැයි ද වාර්තා වේ.

අධිකරණ ලේකම්වරිය දිල්රුක්ෂි ගැන පරීක්ෂණයක් ඉල්ලයි

මේ අතර, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය "එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මේක වුණේ කියලා අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන...ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරණ නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ.” යනුවෙන් කියා සිටියාය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙසේ කියා සිටියේ ලක්ෂ 5000 ක මුදලක් වැය කරමින් මහල් තුනකින් යුතුව පුගොඩ නව අධිකරණ සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනි.

ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

"එතුමිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ සිටින නිලධාරීනියක් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය යටතේ තිබුණට. ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඉල්ලීමක් කරලා තියෙනවා මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා නීතිපතිවරයාගෙන්. ඒක නීතිපති වරයා විසින් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කළ යුතුයි.”

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇය මෙලෙසද පිළිතුරු දුන්නාය.

ප්‍රශ්නය – ඇයගේ දුරකථන සංවාදයේ දී රජයේ ඇමතිවරයෙක් බලපෑම් කළා කියලා කියවෙනවා.

පිළිතුර – ඇමතිවරයාත් කවුද කියලා කියන්න ඕන. හෙලි කරන්න ඕන. එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මෙක වුණේ කියලා එතුමිය අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන.

මමත් කියන්නේ ඇමතිවරයා හෙලි කරන්න කියලා. මොකද අපි ඒවාට කිසිම කෙනෙකුට උදවු උපකාර කරන්නේ නැහැ.

අපි ඒ වගේ දේවල් ඒ වගේ නිලධාරීනියකගෙන් බලාපොරාත්තු වෙන්නේත් නැහැ.


No comments:

Post a Comment

Post Bottom Ad