ජනාධිපතිවරණයට එන්නට කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. සජිත් පිල අතරමං.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 18, 2019

ජනාධිපතිවරණයට එන්නට කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. සජිත් පිල අතරමං..

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකත්වය ස්ථිර වූ වහාම කරු ජයසූරිය මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කථානායක ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.

මැතිවරණ කොමිසම විසින් ඉදිරි දින කිහිපයේදී මැතිවරණය ප්‍රකාශ කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අර්බුදය විසඳෙනු ඇති බව දැනටමත් ලකුණු පහළ වී ඇත.

කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරෙනු ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යේෂ්ඨයන් විසින් විශ්වාසයෙන් පවසති.

දැනටමත් පාර්ලිමේන්තුවේ සිටින කතානායකවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සමග සඳහන් කරමින් සිටින්නේ කතානායකවරයා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින බවයි.

ඔවුනද සිය තනතුරුවලින් ඉවත් වීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad