දවසින් දවස රට උකස් කරනවා-හිටපු විගණකාධිපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 9, 2019

දවසින් දවස රට උකස් කරනවා-හිටපු විගණකාධිපති

ලංකාවේ ණය රේඛාව විශාල වශයෙන් ඉහළ යමින් පවතින බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි. කුරුණෑගල පැවති ජාතික ජනතා ව්‍යාපාරයේ දේශනයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ඒ මහතා කියා සිටියේ වත්මන් රජයට ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය ගැන කිසිදු අවබෝධයක් නැති බවයි.

එනිසාම ඔවුන් දිනෙන් දින රට උකස් කරමින් විවිධ ව්‍යාපෘතිවලට ලෝකයේ සෑම ස්ථානයකින්ම ණය ලබා ගන්නා බවටත් ඒ මහතා චෝදනා එල්ල කරයි.

නව විගණන පණතට අනුව ඉදිරියේ දී සියලුම නිලධාරීන් ප්‍රාග්ධන වියදම් සිදු කළ විට එහි අවශ්‍යතාවය ඔප්පු කර පෙන්විය යුතු බවත් පැවසීය.

එසේ නොවේනම් දඬුවම්වලට යටත් වීමට සිදු වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

No comments:

Post a Comment

Post Bottom Ad