කිංග්ස්බරි බෝම්බකරුගේ හිස බොරැල්ල කනත්තේදී වල දැමිමට නියෝග කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 18, 2019

කිංග්ස්බරි බෝම්බකරුගේ හිස බොරැල්ල කනත්තේදී වල දැමිමට නියෝග කරයි

පාස්කු ඉරිදා දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ තව්හිත් ජමාත් සංවිධානයේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ හිස කොළඹ බොරැල්ල කන්තතේදී වළදමන්න ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට මෙම නියෝගය අද නිකුත් කළේ එම ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අවසන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මේ අතර අදාළ බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අහමදු අර්ශාත් නැමැත්තා ලබන ඔක්තෝම්බර් මස 02 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


No comments:

Post a Comment

Post Bottom Ad