සජිත්ගේ තුනෙන් දෙකේ ලියුම ආගිය අතක් නෑ : මාතර රැලියදා රනිල්ගෙන් පාටියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 21, 2019

සජිත්ගේ තුනෙන් දෙකේ ලියුම ආගිය අතක් නෑ : මාතර රැලියදා රනිල්ගෙන් පාටියක්

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නම්කර ගැනීම සඳහා පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකුලව කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම වහාම රැස්කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිපියක් ලබාදී දී නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.

තුනෙන් දෙකකට වැඩි බහුතරයකගේ අත්සනින් යුතු ලිපිය අගෝස්තු (19) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

අගමැතිවරයාට ලිපියක් අගෝස්තු (19) බාරදී ඇති අතර එම ලිපියේ දැක්වෙන්නෙ දින 6කට පෙර එනම් 15 වැනිදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම වහාම රැස්කරන ලෙස කළ ඉල්ලීමක් බවද එම ප්‍රකාශකයා කීය.

අදාළ ලිපිය ලියා ඇත්තේ පසුගිය 09 වැනිදා බවද පැවසේ.

ලිපි බාර නොදුන් බව චන්දිමත් කියයි

මේ අතර, ඊයේ (20) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ අගෝස්තු (19) පැවැති එජාප කණ්ඩායම් රැස්වීමේදී කිසිදු ලිපියක් බාර නොදුන් බවයි.

තමා රැස්වීම ආරම්භ කළ (පස්වරු 3.30) අවස්ථාවේ සිට එය අවස්න වන තෙක් සිටි බවද කියා සිටී.

ඔහු මෙසේද වැඩිදුරටත් පැවසීය.



මාතර රැලිය බකල්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන අගෝස්තු 23 වැනිදා සවස මාතර නගරයේදී සංවිධානය කර ඇති ජන රැලිය දා අගමැතිවරයා එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට සාධයක් සංවිධානය කර ඇති බව පැවසේ.

සජිත් හා මංගලගේ රැස්වීම බකල් කිරීමට අගමැතිවරයා මේ සාදය පැවත්වන බවට එම පාර්ශවලින් අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ලවන අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයකු පැවසුවේ මේ සාදය අග්‍රාමාත්‍යවරයා විසින් තුන් මසකටවරක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන එකක් බවත්, එයට දින යොදාගෙන තිබුණේ මසකට පමණ පෙර සිට බවයි.

කෙසේවුවද, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවීම අවම කිරීම සඳහා අගමැති කාර්යාලය විසින් මේ සාධය සංවිධානය කර ඇති බව සජිත්ගේ පාර්ශවය කියා සිටී.

පොදු පෙරමුණ ආණ්ඩුවට වසර 4ක් සැපිරීම සඳහා යයි පවසමින් අරලියගහ මන්දිරය තුල සංවිධානය කර ඇති මෙම සාදයට තම තමන්ගේ පවුලේ සාමාජිකයින්ද කැටුව එන්නැයි ආරාධනය කර ඇති බව සජිත් පාර්ශවය කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad