එජාපය ජනාධිපති අපේක්ෂකයා තීරණය කලත් අනුමත කිරීම සන්ධාන නායකයන් අතට - රාජිතගේ ගෙදරදී ගත්තු තීන්දු තීරණ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 18, 2019

එජාපය ජනාධිපති අපේක්ෂකයා තීරණය කලත් අනුමත කිරීම සන්ධාන නායකයන් අතට - රාජිතගේ ගෙදරදී ගත්තු තීන්දු තීරණ මෙන්න

මෙම මාසය අවසන් වීමට පෙර යෝජිත දේශපාලන සන්ධානය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ (DNF) පිහිටුවීමට ඊයේ (17) රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමෙන් පසුව අදාළ නම සන්ධානයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට ද එහිදී තීන්දු වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී එජාප ජනපති අපේක්ෂකයා කඩිනමින් පත්වනු ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊයේ පැවති රැස්වීමට එක්සත් ජාතීන්ගේ නායකයින් වන දොස්තර රජිත සේනරත්න, චම්පිකා රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, අර්ජුන රණතුංග, අකිල විරාජ් කාරියවසම්, මංගල සමාරාවීර, කබීර් හෂීම් සහ රවී කරුණානයක යන අය සහභාගී වූහ.

එසේම එම පෙරමුණ පිහිටුවීමට යෝජිත කෙටුම්පත් ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධන පිළිබඳව ද රැස්වූ දේශපාලන පක්ෂ නායකයින් එකඟතාවයට පැමිණ තිබේ.

ඒ අනුව ඔවුන් පෙරමුණු ව්‍යවස්ථාවේ මූලික සංශෝධන කිහිපයක්  සඳහා එකඟ වී ඇත.

සන්ධාන කාර්යාලය එජාප සිරිකොත මූලස්ථානයේ හෝ මීට පෙර යෝජනා වූ හැව්ලොක් පාරේ ස්ථානයෙන් පිට ස්වාධීන ස්ථානයක පිහිටුවීම එහි පළමු සංශෝධනයයි.

එම සන්ධානයේ ලේකම්වරයා නම් කිරීම එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට ද එහිදී එකඟවිය.

සන්ධානයේ ආරම්භක සාමාජිකයන් නායකත්ව මණ්ඩලයට ඇතුළු කිරීමට ද එහිදී අනුමැතිය ලැබිණි. එසේම එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවා සිටින දේශපාලන පක්ෂයකට සන්ධානයට බැඳී නායකත්ව මණ්ඩලය නියෝජනය කිරීමේ අස්ථාව තිබේ.

මේ සඳහා එක් එක් ඡන්ද කොට්ඨාශයට වෙනම සන්ධාන සංවිධායකයින් පත් කරනු ලබන අතර ඉන් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයින්ට කිසිදු බලපෑමක් සිදු නොවීමට ද කටයුතු යොදා ඇත.

ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට තීරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය මගින් තෝරා ගන්නා අපේක්ෂයාට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නායකත්ව මණ්ඩලයේ ද  අනුමැතිය හිමිවිය යුතු බවට එකගතාවක් ඇති කරගත් බවද සදහන් වේ

ඒ අනුව එජාපයෙන් ජනාධිපති අපේක්ෂක වශයෙන් කවරෙකු නම් කලද නායකත්ව මණ්ඩලයේ අනුමැතිය හිමි නොවුන හොත් එජාපයට තෝරා එවන අපේක්ෂකයා වෙනුවට එජාපයට වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට සිදුවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad