වත්මන් තේරීම් කමිටුව ඉවත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී ඉල්ලාසිටි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 20, 2019

වත්මන් තේරීම් කමිටුව ඉවත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී ඉල්ලාසිටි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ පළමු ජය වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායම පරාජය කරනු ලැබීය.

ක්‍රීඩකයන් ගේ පෞද්ගලික දක්ශතා මෙන්ම කණ්ඩායමක් ලෙස එකමුතුව ක්‍රීඩා කිරීම මෙම තරගය පුරාවටම දක්නට ලැබීම ජයග්‍රහණයට ප්‍රභලතම හේතු සාධකය ලෙස පෙන්වාදිය හැකිය.
කෙසේ වෙතත් මෙම තරගය ආරම්භ වූ දින සිටම සමජමාධ්‍ය .ඔස්සේ ⁣දිනේශ් චන්මාල් ට වූ අසාධාරණයක් ගැන මහත් ආන්දෝලකයක් ඇතිකරන ලදී..

දිනේශ් චන්දිමාල් අවසාන ටෙස්ට් ඉනිම් පහලොවේදී  ම ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි ඒ අනුව ඔහු කණ්ඩායමෙන් ඉවතට විසිවීම ඉතා සාමාන්‍ය තත්ත්වයකි. එවැනි ක්‍රීඩකයෙකුට  නැවත කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීමට නම් ඔහු දේශීය තරග වල සහ ශ්‍රී  ලංකා ඒ කණ්ඩායමේ කැපී පෙනෙන දක්ශතා දක්විය යුතුවේ නමුත් ප්‍රශ්නය වන්නේ අවසන්  දේශීය තරගවාරයේ එතරම් දස්කම් දැක්වීමට අපොසත් වූ චන්දිමාල්, ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ  ඉන්දීය සංචාරය සඳහාද අතුලත් කර නොතිබීමයි.

මේ පිළිඹඳව ලියුම්කරු වත්මන් තේරුම් කමිටු සභාපති අසන්තා ඩි මෙල් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවාසා සිටියේ තමන් චන්දිමාල් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට ඇතුලත් කරනු ලැබුවත් ඔහු පෞද්ගලික හේතුවක් මත එම සංචාරයට සහභාගී වීම ප්‍රතික්ශේප කල බවයි..

අනතුරුව දිනේශ් චන්දිමාල් කැනඩාවේ 20/20 තරගාවලියකට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කරන ලදී එහිදී කඩුලු රකින්නා ලෙස නිරෝශන් දික්වැල්ල මෙන්ම භානුක රාජපක්ෂ , ශෙහාන් ජයසූරිය ඉන්දීය ඒ කන්ඩායමට එරෙහිව ශතක වාර්තා කරන ලදී

මේ තත්ත්වය යටතේ දිනේශ් චන්දිමාල් නැවත ජාතික කණ්ඩායමට එක්කිරීමට තේරීම් කමිටුවට අවස්ථාවක් නොමැති බව පැහැදිලිය.

ඔහුට නැවත කණ්ඩායමට එක්වීමට නම් අනෙක් ක්‍රීඩකයන්ට මෙන්ම දේශිය තරග වල සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දක්ශතා දැක්වීම අනිවාර්ය වනු ඇත.

එමෙන්ම මෑත වකවානුවේ දැනට කණ්ඩායමේ නොමැති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ක්‍රීඩා අමාත්‍ය වරයා මුණගැසී අසන්තා ඩි මෙල් ප්‍රමුඛ තේරුම් කමිටුව ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය වරයාගෙන් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ එමෙන්ම ⁣එම ජ්‍යෙෂ්ඨයා ගේ බිරිඳට උදෑසන තේ පැන් රැගෙන යාම වෙනත් කණිෂ්ඨ ක්‍රීඩකයෙකුගේ බිරිඳ විසින් ඉටුකිරීම නිසා ඉහත කී කණිෂ්ඨ ක්‍රීඩකයාට ආබාධයක් සහිතව ද වේග පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමේ රැදී සිටීමට අවස්ථාව පසුගිය කාලයේ හිමිවී ඇති බවත් වාර්තාවේ..

ගාමිණී කුමාරතුංග.


No comments:

Post a Comment

Post Bottom Ad