"ඉදිරි දින 44 දේශපාලන පෙරළියක් - ජනපති ධූර කාලයට තීන්දුවක්" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 19, 2019

"ඉදිරි දින 44 දේශපාලන පෙරළියක් - ජනපති ධූර කාලයට තීන්දුවක්"

නාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිම මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුල දේශපාලන කරලියේ විශාල පෙරලියක් ඇති වීමට ඉඩ ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා කියයි. ගිනිගත්හේන නගරයේ සිදු කල සංචාරයකින් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියේය.


අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ ජනාධිපති අපෙක්ෂකයෝ, ජනාධිපතිරණය තවම ප්‍රකාශයට පත් වෙලා නැ , අඩුම තරමේ අද ඉදන් දින 44 තියෙනවා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ තත්ත්වය දක්වා යැයිද ඔහු කීය.

මේ අතුරතර තවත් බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපේ දේශපාලන ඉවට මේ වනකොට පේනවා, පලාත් සභ මැතිවරණය ඉස්සෙල්ලා අවොත් පුදුම වෙන්න අවශ්‍යතාවයක් නැ, අද මධ්‍යම පලාත් සභාව අවුරුද්දකට අධික කාලයක් කර්මන්‍යය වෙලා තියෙනවා විධිමත් මහජන නියෝජතයන්ගේ පාලනයක් නොමැතිව යැයිදඑඒ මහතා සදහන් කලේය.

තවත් පලාත් සභා දෙකක් අවුරුදු දෙකකට වැඩි කාලයක් මෙහෙම අකර්මන්‍යයවෙලා තියෙනවා, පලාත් සභා මැතිවරණය තමයි අද ප්‍රමාදයට පත් වෙලා තියෙන මැතිවරණය යැයිද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසලා තියෙනවා මේ පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් 23 , 24 , අපි 26 වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ පිලිබදව ලැබෙයි කියා විශ්වාස කරනවා, පලාත් සභා ඡන්දය මුලින්ම ආවොත් පුදුමයට පත් වෙන්න එපා යැයිද ඒ මහතා කීය.

පලාත් සභා ඡන්දය එනව නම් ඒ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධුර කාලය කවද්ද පටන් ගන්නේ , කවද්ද අවසන් වෙන්නේ කියන එක යැයිද ඔහු සදහන් කළේය.

එක පිලිබදව නිශ්චිත හැගිමක් අධිකරණ ක්ෂෙත්‍රයේ, නිති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන කොට නැතැයි ද ඔහු පැවසීය.

මේ දවස් 44 තුල ඔක්තොම්බර් 1 වෙනිදා වෙනකොට දේශපාලනයේ බොහෝ දේවල් වෙන්න පුළුවන් , අපි නොහිතන අපෙක්ෂකයෝ එන්න පුළුවන්, බොහෝ අපෙක්ෂකයෝ කියලා කියා ගත්ත අය අවුරුදු 2 , 3 දැන් ඉන්නවද කියලා හොයා ගන්නත් නැහැ නේ යැයිද ඔහු කියා සිටී.

දේශපාලනයේ දවස් 44 ගැන , ජනධිපතිවරණයක් ගැන පුර්ව කථනයක් කරන්න කාටවත් බැ එක තමයි අපගේ දේශපාලන දැනුම.යනුවෙන් පැවසිය.


No comments:

Post a Comment

Post Bottom Ad