ක්‍රීඩා බලධාරීන් මේ වන විට පවසන්නේ විස්සයි 20 නායකයකු පිලිබඳ අවසන් තීරණයකට තවමත් පැමිණ නොමැති බවයි.
මාලිංග නායකත්වයට පත්නොකරන ලෙස ඇතැම් ක්‍රීඩකයන් මේ වන විටත් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කර ඇති බවද පැවසේ.
ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවදානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.
ලබන මස (01) වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පළමු විස්සයි 20 තරගය ඇරඹීමට නියමිතව තිබේ. මෙම තරගාවලියේ තරග 3ම පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ වීමද විශේෂත්වයකි.
No comments:
Post a Comment