niroshan premarathna - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 15, 2019

niroshan premarathna

නතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ගෙදර යවන්න ගෙනා විශ්වාස භංගයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වෙලා දෙමල සන්ධානය රටෙන් කෑල්ලකුත් කඩා ගත්තා යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා බළපිටියේදී ප්‍රකාශ කළේය. අද රටේ හැම තැනම ඝෝෂාව පමණක් බවත් කන්න නැතුව දරුවො මැරෙන, ඉස්කෝලෙට දරුවා අරගෙන යන තාත්තා මරා දමන මිලේච්ඡ යුගයකට රට පත්ව තිබෙන බවද ඒ මහතා ුවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසන බල මණ්ඩලය පිහිටුවීම නිමිත්තෙන් බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ගමේ ගොඩේ රතු කමිසය ඇදගෙන ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කරන අවංක සහෝදරවරු ඉන්නවා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න ජවිපෙ කියන 06 දෙනා ඇත්තටම ජවිපෙ නොවෙයි. ජවිපෙන් මට ප්‍රශ්ණ 42 ක් අහන්න තිබෙනවා. ඔවුන්ගේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු යන්න හිටපු ඉබ්‍රාහිම් දැන් ඉන්නේ ත්‍රස්ත විරෝධී කොට්ඨාශයේ අත් අඩංගුවේ නේද? ඔවුන්ගේ මාතර දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරපු අය දැන් ඉන්නේ බන්ධනාගාරයේ නේද? මාකදුරේ මධූෂ් එක්ක සම්බන්ධතා පවත්වපු අයෙකුත් ඔවුන් සමග ඉන්නවා නේද? තවත් ප්‍රශ්ණ ගොඩාක් තිබෙනවා.

ජවිපෙ පසුගියදා විශ්වාස භංගයක් ගෙනාවා ආණ්ඩුව ගෙදර යවන්න. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව තවත් ශක්තිමත් වෙලා දෙමල සන්ධානය රටෙන් කෑල්ලකුත් කඩා ගත්තා. අද රටේ හැම තැනම ඝෝෂාව. කන්න නැතුව දරුවො මැරෙනවා. ඉස්කෝලෙට දරුවා අරගෙන යන තාත්තා මරා දමන මිලේච්ඡ යුගයකට රට පත්ව තිබෙනවා. මේ යන ක්‍රමය වෙනස් කරමු කියලයි, කවුරුත් කියන්නේ. ඒකට නිවැරදි නායකයෙක් ඉන්න ඕනා. හරි දරුවෙක් බිහි කරන්නනම් හොඳ වින්නඹු අම්ම කෙනෙක් සිටිය යුතුයි. අපි නිවැරදි නායකයෙක් බිහි කරන්නයි යන්නේ. ඒ වින්නඹු අම්මා රටේ ජනතාවයි. අද රටේ හැම තැනම ඝෝෂාව. කන්න නැතුව දරුවො මැරෙනවා. ඉස්කෝලෙට දරුවා අරගෙන යන තාත්තා මරා දමනවා. කෝච්චි ස්ට්‍රයික්. ඉස්පිරිතාල ස්ට්‍රයික්. හැම තැනම පු`ඵවන්කාර කම් පෙන්වනවා. මිනිස්සු හැම පැත්තෙන්ම තලනවා.

බෝම්බ හතයි පිපිරුවේ. සමහරු කියනවා පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම එපා කියල. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලයේ බෝම්බ වැල් පිටින් පිපිරුණේ. ඒ වෙලාවේ කිසිකෙනෙක් කිව්වෙ නැහැ මන්ත්‍රීවරු දෙසිය විසිපහ එපා කියල. හොඳ නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න බව ජනතාව එදා දැනගෙන හිටියා. රටේ ජනතාව කිසිම බියක් නැතුව පන්සල් වලට, පල්ලි වලට ගිහින් ආශීර්වාද කළා. 2015 ද අපේ රටට නිවැරදි නායකයෙක් බිහිකරන්න බැරි වුණා. මේ නායකයෝ ජාත්‍යන්තරයට වරාය වික්කා. ගුවන් තොටු පොළ වික්කා. තව අක්කර එක් ලක්ෂ විසිපන් දහසක් දෙන්න යනවා.

ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද ලක්ෂ පහයි ඉන්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න හය දෙනාගෙන් එක්කෙනෙක්වත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ නොවෙයි. ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති ඉන්නේ අපේ රටේ. මම විවාදයකට එන්න කිව්වත් ආවෙ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අයගෙන් අහන්න ප්‍රශ්න හතළිස් දෙකක් තිබෙනවා. ඒ පක්ෂයේ ජාතික ලැයිස්තු වේ ඉන්න ඊබ්‍රාහිම් සහ මාතර දිස්ත්‍රික් ජාතික ලැයිස්තුවේ ඉන්න අය හිරේ. මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගෙන් රැකියා පහක් අරගෙන තිබෙනවා නේද?

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පි ද සිල්වා මහතා.

අපි 2015 ඉදලා බොහොම අමාරුවෙන් මේ ගමන ආවේ. මහින්ද මහත්තයා පැරදුනාම බොහෝ අය එතුමා දාල ගියා. ගියවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ අය කිව්වේ බෙදිල ඉල්ලුවොත් පරාදයි කියල. අපි ඒ අභියෝගය බාරගෙන පොහොට්ටුව ලකුණින් තරග කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන ජයගන්න අපිට පුලුවන් වුණා. මේ වන විට පළාත් සභා ඡන්දය කල්දාලා තිබෙනවා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ පිට කොන්දක් තිබෙන නායකයෙක්. කවදාවත් පරාජය කරන්න බැහැ කියපු ප්‍රභාකරන පරාජය කරල මහින්ද මහත්තයා රට ගොඩ නැගුවා.

මේ තත්ත්ව 2015 දී වෙනස් කළා. අද මේ අණේඩුවට ඡන්දය දීපු කෙනෙක් සොයා ගන්නත් අමාරුයි. දැන් ඒ තරමටම රටේ ජනතාවට ආණ්ඩුව එපා වෙලා. දැන් අපිට අහන්න තිබෙන්නේ වෙනස සැපයිද කියල යැයි ද පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, හිටපු පාර්ලිමේන්තු මනිත්‍රී ගීතා කුමාරසිංහ, පොදුරන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, බළපිටිය පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශ්‍රි සාලිය මෙන්ඩිස්, බළපිටිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති සුනිල් විජේරත්ත යන මහත්වරුන්ද මෙහිදි කතා කළහ.

– ජයකාන්ත ලියනගේ


No comments:

Post a Comment

Post Bottom Ad