"එජාපය ලොකු අර්බුධයක ඉන්නේ - අඩුම ගානේ තමන්ගේ අපේක්ෂකයවත් තෝර ගන්න බැහැ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 20, 2019

"එජාපය ලොකු අර්බුධයක ඉන්නේ - අඩුම ගානේ තමන්ගේ අපේක්ෂකයවත් තෝර ගන්න බැහැ"

ප්‍රබල දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට ඉරිදි ජනාධිපති අපේක්ෂකයා තෝරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (19) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නෙ. දැන් එක එක රැස්වීමෙදී එක එක්කෙනා යෝජනා කරනවා. මේ අය දැන් අපේ අපේක්ෂකයත් නම් කරනවා. මයන්ත දිසානායක මහතා ගිය සුමානෙ චමල් රාජපක්ශ මහතාව ජනාධිපති අපේක්ශකයා කළා. තවත් එක්කෙනෙක් රාජපක්ෂ මැතිනියව අපේක්ෂකයා කලා.  අපි ප්‍රාදේශීය මැතිවරනය දිනලා ජයග්‍රහණය පෙන්නුම් කරපු දේශපාලන පක්ෂයක්. ඒ හින්දා අපි ඔය කතා ගනන් ගන්නෙ නැහැ. අද එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රබල දේශපාලන පක්ශයකට ජනාධිපති අපේක්ශකයා නම් කරගන්න බැහැ. එක්සත් ජාතික පක්ශය හැමදාම පක්ෂෙ නායකයා, අපේක්ෂකයා  විදිහට නම් කලා. ඩී. එස්. සේනානායක මහත්තයා ඩඩ්ලි සේනානායක මහත්තයා සර් ජෝන් කොතලාවල මහත්තයා ජේ ආර් ජයවර්ධන මහත්තයා ඕන තරම් පක්ශත් එක්ක එකතු වුණා."

"හැබැයි තරගෙට එන්නෙ පක්ශ  නායකයා. නමුත් අද මේ පක්ෂය තරගෙට එන නායකයා තෝරගන්න බැරි පක්ෂයක් වෙලා. ජේ. ආර් ජයවර්ධන මහත්තයා විශ්‍රාම යනකොට තීරණය කලා ඊලඟ අපේක්ශකයා ප්‍රේමදාස මහත්තයා කියලා. දැන් වාරදෙකක් එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා තමන්ගෙ නායකයා අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න. දැන් බන්ඩාරගම මන්ත්‍රීතුමා කියනවා අපි අලුත් නායකයෙක් ගේනවා  කියලා. තවත් කට්ටියක් කියනවා පෙරමුණකින් එනවා කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන ඒ වගේ පක්ශයක් නොවෙයි. අපිට ශක්තියක් තියෙනවා ප්‍රතිපත්තියක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා අපේ නායකයා කවුද  කියලා." යනුවෙන් සිය අදහස් පල කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad