"පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපති - ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න" (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 19, 2019

"පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපති - ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න" (VIDEO)

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කටයුතු කිරීම ගැන ජනතාවගෙන් සමාව අයදින බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා සදහන් කරයි.

ජනතා පරමාධිපත්‍යට ගරු නොකරමින් ජනාධිපති හා අගමැති දෙපැත්තකට වී සිටින බවත් පැවති ආණ්ඩුව නීති විරෝධී ලෙස කඩාකප්පල් කිරීමට ජනාධිපතිවරයා වරදකරු වී ඇතැයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

ආරක්ෂක ඇමතිවරයාද වූ ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යංශයද පැවති නිසා අදාල ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතු බවත් වෙන කිසිවකු ඊට වගකිව යුතු නැති බවටත් ඔහු චෝදනා කලේය.

එසේම පසුගිය අප්‍රේල් 21 දා ප්‍රහාරයට සම්පූර්ණ වගකිවයුත්තා වන්නේද ජනාධිපතිවරයා බවත් ඒ මහතා කියා සිටියේය.

"ජනාධිපතිවරයා තමයි විධායක ජනාධිපති. ජනාධිපති තමයි ආරක්ෂක ඇමති. ජනාධිපති තමයි නීතිය හා සාමය පිළිබඳ ඇමති. ඒ නිසා ජනාධිපති තමයි වගකියන්න ඕනෙ. වෙන කවුරුත් නෑ" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad