"19 වැනි සංශෝධනය ජනපතිගේ තටු කැපීමේ කූට උපක්‍රමයක්" - දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 26, 2019

"19 වැනි සංශෝධනය ජනපතිගේ තටු කැපීමේ කූට උපක්‍රමයක්" - දයාසිරි

ජනාධිපතිවරයාගේ තටු කපා එතුමා නිකමෙකු ලෙස තබාගෙන තමන්ට බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය 19 වැනි  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කූට උපක‍්‍රමයක් යොදා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශකවරයා ලෙස මෙයට සම්බන්ධ වූ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාත් මෙහිදී ජනාධිපතිවරයාගේ බෙල්ල කපා ඇතැයි දයාසිරි ජයසේකර මහතා සඳහන්  කළේය.  

සංශෝධනය හේතුවෙන් රාජ්‍ය පාලනය බෙදී ගොස් රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද මහලේකම්වරයා සදහන් කළේය.
               
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (25)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad