සමහර අයව පන්ති යවලා පක්ෂ විනය උගන්වන්න වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 26, 2019

සමහර අයව පන්ති යවලා පක්ෂ විනය උගන්වන්න වෙලා

සමහර අයව පන්ති යවලා පක්ෂ විනය උගන්වන්න වෙලා

යම් කරුණක් පිළිබඳව පක්ෂය ලෙස ගන්නා තීන්දු තීරණ සමඟ පක්ෂයේ සියලු දෙනා බැඳී සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය පිළිබඳව අදහස් දක්වමන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂයේ තීරණ සමඟ කිසිවෙකුට හෝ එකඟ විය නොහැකි නම් ඔවුන් පක්ෂයෙන් ඉන් ඉවත්ව යායුතු බවයි.

විශ්වාසභංගය පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් එකතුව තීරණයක් ගන්නා බවත් එය ආණ්ඩුවේ සියල්ලන්ගේ තීන්දුව පක්ෂයේ තීන්දුව බවත් අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.

එම තීරණයට පක්ෂ පිරිස පක්ෂයේ සිටින බවත් විරුද්ධ පිරිසට ඉන් ඉවත් වි යා හැකි බවත් ඔහු එහිදි ප්‍රකාශ කළේය.

පක්ෂයක සිටිනවානම් පුද්ගලික මත තිබිමට නොහැකි බවත් තමන්ගේ සහ පකෂයේ මතය එකක් විය යුතු බවත් ඒ මහතා පවසයි.

නමුත් ඇතැම් පිරිස් එසේ නොවන බැවින් එම පිරිස පක්ෂ විනය ඉගැන්වීම සඳහා දේශපාලන විද්‍යාව පිලිබඳව පන්තියකට යවා එම විශය ඉගැන්වීය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad