"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්නුම් කිරීමට විශාල උත්සහයක් දරනවා" - විග්නේශ්වරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 21, 2019

"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්නුම් කිරීමට විශාල උත්සහයක් දරනවා" - විග්නේශ්වරන්

බෝම්බ පිපිරවීමේ සිද්ධීන් හා වෙසක් සමය ප්‍රයෝජනයට ගනිමින් දකුණේ දේශපාලනඥයින්  ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ට පමණක් අයිති රටක් බව පෙන්නුම් කිරීමට විශාල උත්සහ දරණ බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පවසයි.

යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් විග්නේස්වරන් මහතා කියා සිටියේ බෝමබ පිපිරවීමේ සිද්ධියත් කඩු අසුවීමේ සිද්ධියත්  නිසා විවිධ චෝදනාවන්ට ලක් වී අසරණ වී සිටින මුස්ලිම් ජනතාවගේ සහයෝගයද මේ සදහා කූට දේශපාලනඥයින් විසින් ඉතා නින්දිත ආකාරයට ලබාගනිමින් සිටින බවයි.

මේ තත්ත්වය බහුවිධ ජාතියක් හා විවිධ ආගම් නියෝජනය කරණ පිරිසක් සිටින රටක සිදු නොවිය යුතු  තත්ත්වයක් බවද විග්නේස්වරන් මහතා කියා සිටියේය.

1983 වසරේදී මේ රටේ සිදු වූ සිදුවීම් කීපයකදී ද දෙමළ ජනතාව රටේ හතුරන් පිරිසක් බවට හුවා දක්වමින් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැංවීමට එදා පැවති රජය උත්සහ කිරීමේ ප්‍රතිපලය වූයේ යුද්ධය වසර තිහක් වැනි කාලයක් දික්ගැසීම බවද මෙහිදී උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

සිදුවීම් සිදුවන්නේ ජාතිය හා ආගම මුල කරගෙන නොවන  නිසා ඒ සිදුවීම් සිංහල බෞද්ධකරණයට පත් කරගැනීම අනාගතයේ ඉතා භයානක ප්‍රතිපලයන් ඇතිවීමට හේතුවක් විය හැකි බවද විග්නේස්වරන් මහතා මෙහිදී කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

 

No comments:

Post a Comment

Post Bottom Ad