ප්‍රතිත්‍රස්ත පනතට එජාපය අතුළෙන්ම විරෝධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 21, 2019

ප්‍රතිත්‍රස්ත පනතට එජාපය අතුළෙන්ම විරෝධයක්

ප්‍රතිත්‍රස්ත පනතට එජාපය අතුළෙන්ම විරෝධයක්

එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කර ගත යුතුය යන ස්ථාවරයේ සිටින බව වාර්තා වෙයි.

ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශ්වවලින් විරෝධය පළවී ඇති බැවින් මීට පෙර තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් ශක්තිමත් කර ඉදිරිපත් කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

මාවන අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක් ප්‍රධානීන්ගේ ස්ථාවරය වී තිබුණද මේ අවස්ථාවේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් යොමුකළ යුතු බවද එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යස්ථව සිටින පිරිසක් ප්‍රතිත්‍රස්ත බනත ප්‍රතික්ෂේප කර තිබෙන අතර පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී ජනතාවගේ පැත්තෙන් සිතා තීන්දුවක් ගන්නා බවට ඔවුන් පවසා ඇත.

ජනාධිපතිවරණයක පැවැත්වීමට මාස කිහිපයක් තිබියදී අනවශ්‍ය ගැටලුවක් ඇතිකර නොගත යුතු බවත් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අමතර ප්‍රතිපාදන එක්කළ යුතු බවත් එම මන්ත්‍රී පිරිසේ ස්ථාවයර වී තිබේ.

මේ අතර එක්ත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථම වතාවට ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය පළකරමින් අම්පාරේ උහන පැවැති උත්සවයකදී අදහස් දැක්වීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින බොහෝ පිරිසක් ඔහුගේ ස්ථාවරය දරන බව වාර්තා වෙයි.

පතිත්‍රස්ත පනත සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී විරෝධය පළකර එම පනත ඉවත් කරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම පිරිස කටයුතු කිරීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad