ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන තහනම් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 27, 2019

ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන තහනම් කෙරේ

ජාතික තව්හිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන තහනම් කෙරේ

මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් වන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

2019 අංක 1 දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad