"ශ්‍රී ලංකා තවුහීද් ජමාත්" සංවිධානයට අයත් ස්ථානයක තිබී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 27, 2019

"ශ්‍රී ලංකා තවුහීද් ජමාත්" සංවිධානයට අයත් ස්ථානයක තිබී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ

“ශ්‍රී ලංකා තවුහීද් ජමාත් “ සංවිධානයට අයත් ස්ථානයකදි දේශියව නිෂ්පාදනය කල හිස් බල්බ් වල සකසා ඇති පෙට්‍රල් බෝම්බ බවට සැක කරන නිෂ්පාදනයන් 6 ක් දවුලගල පොලිසිය මගින් අද ( 27) පස්වරුවේදි කල මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවි ඇත.

දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස  වහුංකොහ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී මෙම පෙට්‍රල් බෝම්බ 6 හමුවි ඇති අතර එහි එම කාර්‍යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.

මෙම පෙට්‍රල් බෝම්බ බවට සැක කරන බල්බ තුල යකඩ ඇන, ඊයම් බෝල වැලි ඇතුලත්ව ගිනි තැබිමට හැකිවන පරිදි තිරයක්ද යොදා තිබූ බව පොලිසිය පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad