රත්ගම දෙන්නා අතුරුදන් කළ වෑන් එක සොයාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 17, 2019

රත්ගම දෙන්නා අතුරුදන් කළ වෑන් එක සොයාගනී


පසුගිය ජනවාරි 23 වන දින  රත්ගම පොලිස් වසමේ බූස්ස, රත්නඋදාගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදු කල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඒ
සඳහා භාවිතා කල බවට සැකකරන KDH වර්ගයේ වෑන් රථයක්  පෙරේදා (15 )
අක්මීමන පොලිස් බල ප්‍රදේශයේදී උඩුගම පාර, ගොනාමුල්ල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සදහා වෑන් රථය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවද සැලයි.

අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව රත්ගම හා ගාල්ල පොලිස් ස්ථාන මගින් සිදුකරන විමර්ශන කටයුතු කෙරෙහි සෑහීමකට පත් නොවන නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයට භාර කර තිබුනි.
ජනවාරි 23 වැනිදා දහවල් 10.15 ට පමණ රත්ගම උදාගමට පැමිණ පැහැරගෙන ගොස් තිබුනේ 33 හැවිරිදි තිදරු පියෙකු වන  මංජුල අසේල කුමාර හා 31 හැවිරිදි එක්දරු පියෙකු වන කේ. රසින් චින්තක යන දෙදෙනායි.
රසින් ධීවර වරායෙන් මාළු මිලට ගෙන මීගමුවට ප‍්‍රවාහනය කළ තොග ව්‍යාපාරිකයෙකි. මංජුල රත්ගම නගරය ආසන්නයේ කුකුළු මස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad