ඉදිරි පැය 6 ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 17, 2019

ඉදිරි පැය 6 ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(17) සවස 03.30 ට නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් ප්‍රබල අකුණු පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සබරගමුව, දකුණු, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල මහජනතාව සදහා මේ ගැන විමසිලිමත් වන්නැයි දන්වා ඇත.
මෙම අවදානම සවස 3.30 සිට රාත්‍රී 9.30 අතර පැය 6 ට අදාළව පවතින බවද දන්වා ඇත.
නිවේදනය මෙසේය.
ඉහත අනතුරු ඇගවීම් ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුල (පැය හයක)
ප්‍රබල අකුණු සහ ගිගිරුම් ඇතිවීමේ හැකියාව පවතී.
ගිගිරුම් සහිත වැසි සමග පැ.කි.මී. 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැක.
ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

ආරක්ෂිත පියවර:
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.

• එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින්න.
• කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථන වල රැදී සිටීමෙන් වලකින්න.
• රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.
• බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.
• තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න.
• හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන්න.

No comments:

Post a Comment

Post Bottom Ad