කොකේන් ලිස්ට් එක නිසා අද පාර්ලිමේන්තුව උණුසුම් වන ලකුණු - සුසිල් රුධිර පරීක්ෂණයකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 20, 2019

කොකේන් ලිස්ට් එක නිසා අද පාර්ලිමේන්තුව උණුසුම් වන ලකුණු - සුසිල් රුධිර පරීක්ෂණයකට


තමන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ඕනෑම රුධිර පරීක්ෂණයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

ඊයේ (19) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

"රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහත්තයා
කියලා තිබුණා කෝකේන් බොන ඇමතිවරු ඉන්නවා කියලා. ඒ ලිස්ට්  එක කථානායක දුන්නා කියලත් එතුමා කිව්වා. මේ අනුව බදාදා පාර්ලිමේන්තුව තුළ දැඩි ප්‍රශ්ණයක් ඇතිවේවි. නම් අහන නිසා. මම නම් ඕනෑම පරික්ෂණයකට සූදානම්"

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසුවේ මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුධිර  පරීක්ෂණයක් කරගැනීමට තමන් ආරාධනා කරන බවයි.

පාර්ලිමේන්තුව අද පස්වරු 1 ට රැස්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad