වීඩියෝව ලීක් කළේ තිලාන් සමරවීර? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 20, 2019

වීඩියෝව ලීක් කළේ තිලාන් සමරවීර?

https://www.gossiplankanews.com/2019/02/video-leaked-thilan-samaraweera.html
සුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගැනීමෙන් පසු ක්‍රීඩා විවේකාගාරයේදී
තමන් ක්‍රීඩා කළේ පුහුණුකරු වෙනුවෙන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කළ ප්‍රකාශයක් රටේ සියලු මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කරවන ලදි.
මේ සම්බන්ධයෙන් ඇතැමුන් තදබල විවේචන කළේ අසභ්‍ය වචන සමග
ජයග්‍රහණය ගැන අනවශ්‍ය පාරම්බෑමක් සිදු කළාය යන අදහසිනි.
මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ සුදු ජාතිකයෙකු වන බවත් ඔහු සිංහල නොදන්නා නිසා එහි අන්තර්ගතය ගැන ගැටලුවක් තිබී නැති බවත් පැවසේ. කෙසේ වෙතත් ඔහු එය පොදු මාධ්‍ය තුළට මුදා හැරියේ නැති නමුත් තමන් සමග

සමීපව වැඩ කරන අයට බෙදා හැරිය බව පැවසේ. ඒ අතර හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරුට හිතවත් මීට ටික කලකට පෙර හතුරුසිංහ සමග පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර වෙතද මෙහි පිටපතක් යොමු කර තිබෙන බවත් පොදු මාධ්‍ය වෙත එය මුදා හැර ඇත්තේ ඔහු විසින් බවටත් අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.
මේ ගැන අදහස් පළ කර තිබෙන ක්‍රීඩා ඇමති හරින් වීඩියෝ පටිගත කර ඇත්තේ ක්‍රිකට් කණ්ඩායම සමඟ සිටි විදේශිකයකු විසින් බවට හා ඔහු සිංහල භාෂාව නොදන්නා පුද්ගලයකු බැවින් ඔහුගේ අතින් තවත් පුද්ගලයකු අතට ගිය වීඩියෝව අවසානයේ මාධ්‍යවෙත පැමිණීම ප්‍රශ්නයක් වූ බව දක්වා ඇත.

“කණ්ඩායම් කළමණාකරුගේ වාර්තාව මේ වන විට මට ලැබී තිබෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව කල්පනා කරලා දැනට මම එය තියාගෙන ඉන්නවා.

නමුත් අපි එම සිද්ධිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමින් පියවරක් ගන්න ඕනේ
ක්‍රීඩකයන්ගේ විවේකාගාර තුළ මේ වගේ දේවල් කථා කරනවා. මමත් ක්‍රීඩා කරලා තියෙනවානේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මේක විඩියෝ කරලා සාමාජ මාධ්‍ය ජාලවල පළවීම ප්‍රශ්නයක්”
විවේකාගාරයක් තුළ පෞද්ගලික මට්ටමින් වූ සිද්ධියක් වෙන කෙනෙක් තමන්ගේ වාසියට යොදා ගැනීම පිළිබඳව දැඩි පියවරක් ගන්න වෙනවා”
දෙන්නත් අදහස් කර තිබෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ලීක්වූ වීඩියෝව හා පෙර ලිපිය
ඇරියස් කවර් කරන්න දිනපු ශ්‍රී ලංකා ක්‍රිකට්

No comments:

Post a Comment

Post Bottom Ad