තරුණයකු ලවා තම 15 හැවිරිදි දියණියට අතවර කරවූ මව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 30, 2019

තරුණයකු ලවා තම 15 හැවිරිදි දියණියට අතවර කරවූ මව

හැට හැවිරිදි කාත්තාවකට ලැබුණු මඟ හැරුණු දුරකථන ඇමතුමක් (Missed call) හඳුනාගත් 24 හැවිරිදි තරුණයකු ඇගේ නිවසට ගෙන්වා ගෙන පසුව සිය පාසල් යන 15 හැවිරිදි දියණිය ළඟ රාත්‍රි නිදිකර
අතවරයකට ලක් කරවා එම දෙදෙනාට පැන යාමට සැලැස් වූ මවක් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්‍රිනිත් විජේසේකර මහතා නියෝග කළේය.  වෙලම්බොඩ පොලිසිය මගින් මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. වාර්තා වන අයුරින් සිද්ධිය මෙසේය.

වෙලම්බොඩ ප්‍රදේශයේ 60 හැවිරිදි මෙම කාත්තාවට දුරකථන ඇමතුමක්  ලැබී ඇත්තේ අම්පාර ප්‍රදේශයේ තරුණයකුගෙන් එම ඇමතුම ඔස්සේ දෙදෙනා දිගින් දිගටම කතා කොට හඳුනාගත් පසු මෙම කාත්තාව එම තරුණයා සිය නිවෙසට ගෙන්වා ගෙන තිබේ.

මෙම කාන්තාව 15 හැවිරිදි දියණියක් සහ  20 හැවිරිදි පුතකුද සිටින අතර නිවසට ගෙන්වා ගත් තරුණයාටද නිවසේම නවාතැන් දී ඔහුට ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක රැකියාවක් ද සොයා දී තිබේ. මේ අතර දිනක් රාත්‍රි සිය පාසල් යන  දියණිය ළඟ මේ තරුණයාට නිදියන ලෙස දන්වා ඇත. එම යෝජනාවට දියණිය තදින්ම
විරුද්ධ වුවද එම විරෝධය නොතැකූ මව එම  ස්ථානයේ තරුණයාට රාත්‍රිය ගත කිරීමට ඉඩ සලසා දී තිබේ.

පසුව දෙදෙනාටම ඇය පවසා ඇත්තේ අනෙක් අය මෙය දැන ගැනීමට පෙර නිවෙසින් පිටව යන ලෙසය. අනතුරුව පොලිසිය වෙත පැමිණි ඇය පවසා ඇත්තේ දෙදෙනා නිවෙසින් පැන ගොස් ඇති බවය. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර මහතා සිද්ධිය තේරුම් ගෙන මෙම තරුණයාගේ දුරකථන අංකයට කතා කොට දෙදෙනාම පොලිසිය වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත.

පසුව ස්ථානාධිපතිවරයා උපක්‍රමශීලීව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ඉෂාරා හේරත් පොලිස් නිලධාරිනිය යොදවා එම තරුණයාට ඇමතුමක් දී උපක්‍රමශීලීව දෙදෙනා පෙම්වතුන් ලෙසට හඳුනාගෙන තරුණයා වරකාපොළ ප්‍රදේශයේ සිටින බව අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව එම තරුණයාට දුරකථන ඇමතුමක් දී එම නිලධාරීනියද සමඟ වරකාපොළට ගිය පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අල්ලාගත් මෙම තරුණයා සමඟ එයට අනුබල දුන් පාසල් සිසුවියගේ මව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.


-මාධව බණ්ඩාර-

No comments:

Post a Comment

Post Bottom Ad