ලිංගික අතවරයට අවනත නොවූනැයි 11 හැවිරිදි සිසුවියට 15 හැවිරිදි සිසුවා පිහියෙන් ඇනලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 7, 2019

ලිංගික අතවරයට අවනත නොවූනැයි 11 හැවිරිදි සිසුවියට 15 හැවිරිදි සිසුවා පිහියෙන් ඇනලා

https://www.gossiplankanews.com/2019/01/11-15-younger-criminal.html#more
අසල්වැසි එකොළොස් හැවිරිදි බාල වයස්කාර සිසුවියකට ලිංගික අතවර කිරීමට තැත් කළ අවස්ථාවේ එයට විරුද්ධ වීම නිසා ඇයට පිහියෙන් ඇන තුවාල කළ පහළොස් හැවිරිදි සිසුවා ලබන 14 දා දක්වා කිතුලම්පිටිය ළමා රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට
ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

සැකකාර සිසුවා සහ වින්දිත සිසුවිය යාබද නිවාස දෙකක පදිංචිව සිටිති. සිසුවා ප‍්‍රධාන පෙළේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර සිසුවිය 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.


පාසල් නිමවීමෙන් පසු සවස් කාලයේ සිසුවියත් ඇයගේ සහෝදරයිනුත් සැකකාර සිසුවාත් සෙල්ලම් කිරීම පුරුද්දක් ලෙස කර ඇති අතර එයට වැඩිහිටියන්ගෙන් ද විරෝධයක් තිබී නැත. ඒ අනුව ඉකුත් සිකුරාදා ද පාසල් ගොස් පැමිණ ඔවුන් සෙල්ලම් කිරීමට පටන් ගෙන ඇත.

එහිදී සෙල්ලම් ගෙයක් සෑදීමට කෝටු කපාගෙන ඒමට සිසුවා සහ සිසුවිය අසල තිබූ ලඳු කැලෑවට ගොස් තිබේ. වෙනදා ඇයගේ සහෝදරයන් ද යන නමුත් එදින ඔවුන් ගොස් නැත. කැලයේදී සැකකාර සිසුවා ඇයගේ යට ඇඳුම ඉවත් කර ලිංගික අතවර කිරීමට තැත් කිරීමේදී ඇය බියට පත්ව කෑ ගසන්නට පටන් ගෙන ඇත.

එවිට සිසුවා කෝටු කැපීමට ගෙනා පිහියෙන් ඇයගේ බෙල්ලට සහ ඇසකට ඇන තුවාල සිදුකර තිබේ. පළමුවෙන් ම ඇය ආරච්චිකන්ද රෝහලට ගෙන ගොස් ඇති අතර, පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට යවා ඇත.

පොලිසිය අධිකරණයට කියා සිටියේ තුවාල ලැබු සිසුවිය කරාපිටය රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර ඇයගෙන් තවමත් ප‍්‍රකාශයක් ලබානොගත් බවය.
සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 සුගතපාල දීයගහගේ- රවීන්‍ද්‍ර චන්‍ද්‍රලාල්  - කේ. මතිලාල්


No comments:

Post a Comment

Post Bottom Ad