ගැසට්ටුව ගැන තීන්දුවට බාලගිරි දෝෂය දැන් 8 නෙමේ 10 ලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 7, 2018

ගැසට්ටුව ගැන තීන්දුවට බාලගිරි දෝෂය දැන් 8 නෙමේ 10 ලු


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි අතුරු තහනම් නියෝගය 7 වනදා වෙනුවට 8 වනදාට වෙනස් කරන
ලද්දේ ඊයේ (6) වන අතර එය යළි 10 තෙක්
දීර්ඝ කරන්නට අද (7) රැස්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය ඒ අනුව මේ මස 10 වෙනිදා අවසන් තීන්දුවක් ලබාදෙන තුරු දීර්ඝ කර ඇත.
මෙම නඩුව විභාග කරනු ලබන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පවසන්නේ පෙත්සම් පිලිබඳ කරුනු දැක්වීම් අසන්නට තව කාලය අවශ්‍ය බවයි.
මෙම තීන්දුව ලැබෙනතුරු මේ වනවිටත් රටේ බොහෝ කටයුතු අවුල්සහගතවී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad