2018 සෙක්ස් සෙවූ රටවල් අතරින් ලංකාවට තෙවැනි තැන- මෙවර බංගලියො කප් ගහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 7, 2018

2018 සෙක්ස් සෙවූ රටවල් අතරින් ලංකාවට තෙවැනි තැන- මෙවර බංගලියො කප් ගහලා


ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ''sex'' යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසු වු ශ්‍රී ලංකාව ගත වූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ. 
ගුගල් ට්‍රෙන්ඩ්ස්
හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙළි විය.

ගත වූ මාස 12ක කාලය තුළදී "Sex" යන වචනය වැඩිම වාර ගණනක් සොයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර, දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ. මුල් ස්ථාන පහ තුළ නේපාලය සිවුවැනි ස්ථානයේත්, ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පසුවෙයි. පළාත් වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාත 'Sex' යන වචනය වැඩිම වාර ගණනක් සොයා තිබේ.

නගරයක් ලෙස ගත්විට එම වචනය වැඩිම වාර ගණනක් සොයා ඇත්තේ උතුරුමැද පළාතේ පිහිඹියාගොල්ලෑවයි. පසුගිය කාලයේදී  ශ්‍රී ලංකාවේ හෝමාගම මෙහි පළමු ස්ථානයේ තිබිණි.  සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පාසල් නිවාඩුව තිබෙන අප්‍රේල්, අගෝස්තු හා දෙසැම්බර් කාලවලදී "sex" වචනය සෙවීම් ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර, මෙවරද එම තත්වය දක්නට ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad