අත්සන් ලියැවිල්ලේ ඩේට් එක වැරදියි - වලංගු නෑ - දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 14, 2018

අත්සන් ලියැවිල්ලේ ඩේට් එක වැරදියි - වලංගු නෑ - දයාසිරි


මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එරෙහි විශ්වසභංගයට අත්සන් ලෙස යොදා ඇති ලියැවිල්ල වලංගු එකක් නොවන බවත් අද 122 දෙනෙකු පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කලාය කියන ලියැවිල්ලේ කොටසක දිනය
ලෙස සටහන් වන්නේ නොවැම්බර් 2 බවත්

නමුත් අද 14 බවත් කැබිනට් මාධ්‍ය හමුවේදී දයාසිරි ජයසේකර ඇමතිවරයා කියා සිටියේය.
එසේම අද පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වීම පවා නීතියට එකඟ යයි තමා විශ්වාස නොකරන බව දයාසිරි ජයසේකර  ඇමතිවරයා කියා සිටියේය. ඔහු පවසන්නේ ඊයේ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම අනුව එහි තීන්දුවක් ලැබෙනතුරු පාර්ලිමේන්තුව දිගටම රැස් නොකර සිටිය යුතු බවකි.
කෙසේ වෙතත් සාකච්ඡාවට එක්වූ මහින්ද සමරසිංහ ඇමතිවරයාගේ අදහස වූයේ 14 වනදා පාර්ලිමේන්තුව රැස්කරන බවට ජනපතිගේ ගැසට් පත්‍රය ප්‍රකාරව කතානායක අද දිනයේ පාර්ලිමේන්තුව කැඳවීම ගැටලු සහගත නැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad