වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවලට අද සිට STF - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 22, 2018

වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවලට අද සිට STF


අද වන විට බන්ධනාගාර තුළ සිදුවන දුෂණ ක්‍රියා නතර කිරීමට රජය කටයුතු කිරීම නිසා ගැටළුකාරී තත්වයන් නිර්මාණය වී තිබේ.එහි ආසන්නතම අවස්තාව ලෙස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාවය හඳුන්වා දීමට හැකිය.එයට ප්‍රධානතම හේතුව බවට පත්වුයේ පොලිස් විශේෂ කාර්ය
බළකාය බන්ධනාගාරය තුළට යෙදවීමය.ඒ අනුව වඩාත් හොඳින් පැහැදිළි වන්නේ බන්ධනාගාර තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය හුවමාරු වන බවය.

තත්වය එසේ තිබියදී කොළඹ බන්ධානාගාරවලට බාහිරින් පැමිණෙන පිරිස් පරික්ෂා කිරිම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීම අද (22) සිට ක‍්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒ අනුව වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට නිලධාරින් යොදවන බව අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා ප‍්‍රකාශ කර තිබේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට එරෙහිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක‍්‍රියාත්මක වේ.කෙසේ වෙතත් බන්ධනාගාර ආරක්ෂාවට රජය ගත් තීරණය වෙනස් නොකරන බව අමාත්‍යංශය පෙන්වා දේ.තවද මේ සියල්ල පිටුපස බන්ධනාගාර ජේලර්වරුන් පැහැදිලිවම සිටින බව නොරහසකි.රටේ නීතිය මෙසේ අමු අමුවේ උල්ලංඝනය කිරීමට බන්ධනාගාර ජේලර්වරුන් කටයුතු කරන්නේ නම් වහාම ඔවුන්ගේ සේවය නතර කළ යුතුය.

එමෙන්ම රැඳවියන්ට අවශ්‍ය පරිදි රටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ හැර කිසිවෙක් හෝ බලා සිටී නම් එය විශාල ව්‍යසනයකි.එබැවින් වහාම මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීම බවට පත් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad