මවගේ වියෝවේන් සිත්තැවුලට පත් 62 හැවිරිදි අවිවාහක පුතා වස බී දිවි තොර කරගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 22, 2018

මවගේ වියෝවේන් සිත්තැවුලට පත් 62 හැවිරිදි අවිවාහක පුතා වස බී දිවි තොර කරගෙන

තම මවගේ වියෝවෙන් කලකිරීමට හා සිත්තැවුලට පත් 62 හැවිරිදි අවිවාහක පුතෙක් මවගේ සිරුර මිහිදන් කළ දිනයේ දීම (19) රාත්‍රි වස පානය කර සිය නිවෙසේ මිදුලේ වැටී මියගොස් සිටියදී පෙරේදා (20දා) උදෑසන සොයාගත් බව නිකවැරටිය පොලිසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ නිකවැරටිය පොලිස් බල
ප්‍රදේශයේ කැබැල්ලෑව පදිංචිව සිටි ඩබ්ලිව් ෂෙල්ටන් පීටර් ප්‍රනාන්දු නමැත්තෙකි. මියගිය අය වෙනම නිවෙසක් තනාගෙන ගොවිතැන් කරමින් මවගේ අවශ්‍යතාවන් ගැන සොයාබලා ජීවත්වී ඇති අතර දරුවන් නව දෙනෙකුගෙන් යුත් මව ළඟ 74 හා 72 යන අවිවාහක අක්කා හා අයියාද ජීවත් වී ඇති බව පොලිස් විමර්ශනවලදී

අනාවරණය වී තිබේ.

වසර 100ක් පමණ ආයු ගෙවූ මව මිය යැමෙන් පසු අවසන් කටයුතු සඳහා කැපවීමෙන් කටයුතු කළ මියගිය පුතා 19 දින පස්වරුවේ නිකවැරටිය රෝන්මානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී මවගේ සිරුර භූමදානය කිරීමෙන් පසු කනස්සල්ලෙන් සිටි බව අනාවරණය වේ. නිකවැරටිය රෝහලේ 20 වැනි දින පැවති මරණ පරික්ෂණයේදී මියගිය අයගේ සහෝදරිය වන ලීලියන් ප්‍රනාන්දු (54) මහත්මිය සාක්ෂි දෙමින් ඉකුත් 19 වැනි දින මවගේ සිරුර භූමිදානය කර නිවසට පැමිණි අයියාට රාත්‍රි 9.00ට පමණ ආහාර ගැනීමට කථා කළ බවද, කන්න බෑ කියා අඩමින් සිට ඔහුගේ නිවෙසට ගිය බවද, පවසා සිටියාය.

එසේ ගිය පීටර් අයියා වස පානය කර ඔහුගේ නිවෙස අසල මිදුලේ වැටී මියගොස් සිටියදී 20 වැනි දින උදේ හමුවූ බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.  නිකවැරටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සුසන්ත රන්නායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු කෘෂිරසායන පානය කිරීමෙන් මරණය සිදුවී ඇති බවට තීරණය කර තිබිණි.

-ධර්මසේන රණසිංහ-

No comments:

Post a Comment

Post Bottom Ad