බොරලැස්ගමුව පැපිලියානේ කුලී නිවසක ගින්නක් - තරුණියකට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 19, 2018

බොරලැස්ගමුව පැපිලියානේ කුලී නිවසක ගින්නක් - තරුණියකට තුවාල


ඊයේ(18) රාත්‍රි 7.30ට පමණ බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ පිහිටි කුඩා කුලි කාමරයක
හදිසි ගින්නක් හටගෙන තිබුණි.

ගින්න හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, දෙහිවල නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.
ගින්න හේතුවෙන් එම කුලී කාමරයේ නවාතැන් ගෙන සිටි වයස අවුරුදු 20ක තරුණියක තුවාල ලබා කළුබෝල රෝහලට ඇතුලත් කර ඇත.
 සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.
බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad