රටෙන්ම සැඟවූ ඉන්ධන මිල සූත්‍රය එලි දකී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

රටෙන්ම සැඟවූ ඉන්ධන මිල සූත්‍රය එලි දකී

https://www.gossiplankanews.com/2018/10/mila-suthra-price-formula-fuel.html#more
රින්වර ඉන්ධන මිල ඉහළ පහළ දැමීමට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය ගැන පසුගිය කාලයේ විවිධ කතා පළ විය. එය මුදල් ඇමතිවරයා පවා නොදන්නා බවට විසුළු සහගත ආරංචි හෙළි විය. කරුණු එසේ සිදුවෙද්දී
අද (18) පැවති මාධ්‍ය හමුවකදී මුදල් ඇමති මංගල එම මිල සූත්‍රය මාධ්‍ය වෙත හෙළිදරව් කරන ලදී.
ඒ අනුව එම මිල සූත්‍රය වන්නේ MRP = Vi + Vii + Viii + Viv යන්නයි.

එහි MRP යනු උපරිම සිල්ලර මිල වන අතර  Vi යනු වරායේ ගොඩබාන පිරිවැය වේ. එම මිල සූත්‍රයේ  Vii යනු සැකසීමේ පිරිවැය වන අතර  Viii යනු පරිපාලන පිරිවැය වේ. ඉන්ධන මිල සූත්‍රයේ  Viv යනු බදු පිරිවැය වේ.
උපරිම සිල්ලර මිල 157.22ක් වන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට මෙම සූත්‍රය ආදේශ කළ විට 157.22 = 93.84 + 5.87 + 3.83 + 53.68 ලෙස දැක්වේ.
මෙම ඉන්ධන මිල සූත්‍රය අනුව හෙළිවන තවත් කරුණක් වන්නේ රුපියල් 93 ශත 84කට වාරායෙන් ගෙඩබාන පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 53 ශත 68ක බද්ධක් අය කරන බවය. ඒ අනුව උපරිම සිල්ලර මිලෙන් 1/3කට ආසන්න අගයක් බදු ලෙස අයකරනු ලැබේ.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad