චීනය හා හොංකොං යා කළ මුහුද හරහා ඉදිකළ ලොව දිගම පාලම අද විවෘත කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 23, 2018

චීනය හා හොංකොං යා කළ මුහුද හරහා ඉදිකළ ලොව දිගම පාලම අද විවෘත කෙරේ



ලෝකයේ දිගම මුහුද හරහා ඉදිකළ පාලම අද 23 අඟහරුවාදා වීවෘත කෙරේ. 2009 සිට වසර නවයක කාලයක් තිස්සේ ඉදිකළ මෙම පාලම කිලෝමීටර 55 ක් (සැතපුම් 34 ක්) දිග වන අතර චීනයේ ෂුහායි නගරයේ සිට මැකාවූ දිවයින හරහා හොංකොං දක්වා දිව යයි.

චීන ජනාධිපති ෂි ජින්පින් ආරම්භක උත්සවයට සහභාගි වීමට නියමිතය.
මෙම පාලම ඉදිකරන්නට ඩොලර් බිලියන 20 ක් පමණ වැය වී ඇත. ඇතැම්  විවේචකයන් පවසන්නේ එය අනවශ්‍ය "සුදු අලියෙකු" බවයි.

ආරක්ෂක ගැටලුවලින් ඉදිකිරීම් ඉරිතලා තිබීම්ද වාර්තාවූ අතර මෙය ඉදිකිරීම් කළ කාලයේ අවම වශයෙන් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව නිලධාරීහු පවසති.
කෙසේ වෙතත් මෙය ඉදිකිරීමට චීනය අපේක්ෂා කළේ චීනයේ තවත් කෘත්‍රීම නගර නවයක් නිර්මාණය කිරීම සඳහා සැලැස්මෙහි කොටසක් ලෙසයි.
අද විවෘත කරන පාලම හෙට සිට නිල වශයෙන්  රථවාහන සඳහා විවෘත වේ.අතීතයේදී, ෂුහායි හා හොංකොං අතර ගමන් කිරීම පැය හතරක් ගත වන බවත් නව පාලම එය විනාඩි 30 දක්වා අඩු කර ඇති බවත් වාර්තා විය.
දකුණු චීනයේ ප්‍රධාන වෙරළබඩ නගර තුනක් වන හොං කොං, මැකාවු සහ ෂුහායි  යන හරස් මාර්ග හරහා ගමන් කරයි.
භූමි කම්පා හා මුහුදු කුණාටු වලට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කරන ලද මෙම පාලම ටොන් 400,000 ක පමණ වානේ යොදා සාදා ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad