කොන්දොස්තරවරයෙක් අතින් දූෂණය වූ ගාල්ලේ සිසුවිය වැටකෙයියා පඳුරක ගෙලවැලලාගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 5, 2018

කොන්දොස්තරවරයෙක් අතින් දූෂණය වූ ගාල්ලේ සිසුවිය වැටකෙයියා පඳුරක ගෙලවැලලාගෙන

ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබියදී ඉකුත් 2 වැනි දින සොයාගත් පාසල් සිසුවියගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ
වෛද්‍ය නිලධාරි

අජිත් රත්නවීර මහතා වැඩිදුර පරීක්‌ෂණ සඳහා සිරුරේ කොටස්‌ රජයේ රස පරීක්‌ෂක වෙත යවා එහි වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පවසා විවෘත තීන්දුවක්‌ ලබා දුන්නේය.

 මෙසේ මියගොස්‌ ඇත්තේ ගොඩකවෙල පල්ලේබැද්ද බඹරගල හිරුණි සුනේත්‍රා විඡේසිංහ නමැති දහතුන් හැවිරිදි බාල වයස්‌කාර පාසල් සිසුවියකි.

ඉකුත් 2 වැනි දින මළ සිරුර සොයා ගැනීමෙන් පසුව ගාල්ල වැඩ බලන මහෙස්‌ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා එම ස්‌ථානයට ගොස්‌ මූලික පරීක්‌ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත යැවීමට නියෝග කළේය.

 පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත්තේ අගෝස්‌තු මාසයේ දිනක පුද්ගලික බස්‌ කොන්දොස්‌තරවරයකු බව කියන නාඳුනන පුද්ගලයකු මෙම සිසුවිය හෝටලයකට ගෙන ගොස්‌ දූෂණය කර ඇති අතර එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන අතර ගොඩකවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් හෝටල් හිමියා අත්අඩංගුවට ගෙන ඇති බවය.

 ඒ සම්බන්ධ නඩුව රත්නපුර අධිකරණයේ පවරා ඇති බවත් එහිදී ඇය පරිවාස භාරයට පත් කිරීමට නියමිතව සිටි බවත් වැඩිදුරටත් අනාවරණය වි තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad