ඥානසාර හිමිගේ ඇපිල් එක විසිවේ අවුරුදු 6 ක්ම හිරේද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 5, 2018

ඥානසාර හිමිගේ ඇපිල් එක විසිවේ අවුරුදු 6 ක්ම හිරේද?


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියම වී ඇති වසර 6ක සිර දඬුවම අහෝසි කොට එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඥාණසාර හිමියන් විසින්
ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කළේය.
එම අභියාචනය ඊවා වනසුන්දර ,නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.
තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු

ඊවා වනසුන්දර මහත්මිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.
එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට චෝදනා  හතරක් එල්ල කර තිබෙන අතර ඒවා ඉදිරිපත් කර ඇති ආකාරය නීතියට පටහැණි බවයි.
මේ හේතුවෙන් උන්වහන්සේට පණවා තිබෙන දඬුවම්ද නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත  අබේසූරිය මහතා සඳහන් කර සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් පවතින බවයි.
මේ අනුව හිමියන්ගේ වසර 6 ක සිර දඩුවම දිගටම ක්‍රියාත්මක වන අතර මේ කාලයට පෙර ඉන් මිදීමට ජනපති සමාවකින් මිස ගැලවීමක් නොමැති බව නීති ක්ෂේත්‍රෙ විද්වතුන් අදහස් පළ කර ිතබේ.

No comments:

Post a Comment

Post Bottom Ad