‘මහින්ද රාජපක්‍ෂ බුදුවේවා..’ ඓතිහාසික බිමක සිට නාහිමියෝ මහින්දට ආශිර්වාද කරති..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 16, 2018

‘මහින්ද රාජපක්‍ෂ බුදුවේවා..’ ඓතිහාසික බිමක සිට නාහිමියෝ මහින්දට ආශිර්වාද කරති..[Video]

‘ත්‍රස්තවාදීන් පැරදවූ ඔබතුමන්ට බුදු වෙන්න කියා කියන්න දෙයක් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් අනුරාධපුර කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැති පින්කමක දී එහි සිටි හිමිනමක් විසින් ආශිර්වාද කරනු ලැබීය.

මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලැබුවේ 2006 වසරේ දී කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මියගිය පිරිසට පින් පැමිණවීම සඳහා ය. එහිදී අදහස් පළ කළ උතුර උතුර මැද දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය හල්මිල්ලවැවේ ධම්මරක්ඛිත හිමියන් කියා සිටියේ ‘ලෝකයේ අති ශ්‍රේෂ්ඨ නරපතිවරු නොයෙන් අය ජීවත් වුණා. නමුත් මේ වගේ අපිට වෙච්ච විපත්තිය සනසන්න පුලුවන් කෙනෙක් අපිට මෙතෙක් හිටියෙ නෑ. හිටපු එක්කෙනා තමයි අර වාඩි වෙලා ඉන්නේ අපේ නායකතුමා. අමතක කරන්න එපා අපි වින්ද දුක්’ යයි අනුශාසනාවක් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad