අත්අඩංගුවට ගන්න නියෝග කර ඇති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා CIDට වැලි ගසා රටින් පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

අත්අඩංගුවට ගන්න නියෝග කර ඇති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා CIDට වැලි ගසා රටින් පනී..

අද දිනයේ පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබියදී හිටපු නාවික හමුදාපති, වත්මන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතා විදේශගතව ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

අද පෙරවරු 09.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබියදී ඔහු අලූයම 03.00ට පමණ දෝහා කටාර් බලා පිටත්ව ගොස් ඇතැයිද සදහන්ය. පසුගිය රජය සමයේ 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කලේ යයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නේවි සම්පත්ට රැකවරණය දී රටින් පලා යෑමට උපකාර කලේ යයි රවි විජේගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී ඇත.

ඔහු අත්අඩංවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad