සත් හැවිරිදි පාසල් දැරියව අපයෝජනය කළ පාසලේ මුරකරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

සත් හැවිරිදි පාසල් දැරියව අපයෝජනය කළ පාසලේ මුරකරු

සත් හැවිරිදි පාසල් දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවට වරදකරු කළ එම පාසලේ සේවයේ නියුතු 68 හැවිරිදි මුරකරුවකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර හතක සිර දඬුවම් නියම කළේය. මෙවැනි බරපතළ වරදක් කළ පුද්ගලයකුට අත් හිටුවූ සිර දඩුවම් නියම කළ නොහැකි
බව සඳහන් කළ කොළඹ

මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා වරදකරු කෙරුණු පුද්ගලයාට රුපියල් දස දහසක දඩයක්ද නියම කළේය. 2008 වසරේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පාසලක සත් හැවිරිදි දැරීයක පාසල නිමවීමෙන් පසුව ලිංගික අපචාරයට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම  නඩුව පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සම්පත් විජයරත්න මහතා මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇතැයි සඳහන් කළේය. විත්තිය වෙනුවෙන් පෙනී සිටි  නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා 68 වන වියේ පසුවන හෙයින් ඔහුට අත්හිටුවූ සිර දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. විත්තිකරු විසින් කළ වරද ඉතා බරපතළ බැවින් ඔහුට අත්හිටුවා සිර දාඩුවම් නියම කළ නොහැකි බව සදහන් කළ විනිසුරු විජයරත්න මතා සමාජයටද ආදර්ශයක් දිය හැකි දඬුවමක් නියම කිරීමට අධිකරණයට සිදුවන බව විවෘත අධිකරණයේදී සඳහන් කළේය.


-කේ.එස්. උදයකුමාර්-

No comments:

Post a Comment

Post Bottom Ad