බංගලියන් අර්බුදයක..ප‍්‍රබල ක‍්‍රිඩකයාට ආසියානු කුසලානය අහිමි වන ලකුණු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

බංගලියන් අර්බුදයක..ප‍්‍රබල ක‍්‍රිඩකයාට ආසියානු කුසලානය අහිමි වන ලකුණු..

එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ හේතුවෙන් අර්බුධයකට ලක්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු සදහන් කර ඇත්තේ ශකිබ් අල් හසාන් තම ශාරීරික යෝග්‍යතාවය ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසු මට්ටමක නොමැති බවට කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි. ශාරීරික යෝග්‍යතාවය 20-30%ක පමණ මට්ටමක පවතින බවට ඔහුට හැගී යන්නේනම් ඒ බව ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතු බව ද එම අධ්‍යක්ෂවරයා කියා සිටියා.

ශකිබ් අල් හසාන් පසුගිය ජනවාරි මාසයේ දී ඇගිල්ලක ආබාධ තත්ත්වයකට ගොදුරු වූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සහ 20යි 20 තරගාවලිය  ‌මෙන්ම පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියද  ඔහුට අහිමි විය. මේ අතර මීට පෙර පැවැති මාධ්‍ය හමුවකදී බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රෆි මොටාසා සහ පුහුණුකරු ස්ටීව් රෝඩ්ස් පැවසුවේ ශකිබ් අල් හසාන් 50%ක ශාරීරික යෝග්‍යතාවයක පසුවුවද ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ඔහුට හැකියාව පවතින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad