කළුබෝවිල රෝහල ගාව වැටී සිටි රෝගියා මියයනතුරුම පරීක්ෂාවට රෝහලෙන් කිසිවෙකු නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 24, 2018

කළුබෝවිල රෝහල ගාව වැටී සිටි රෝගියා මියයනතුරුම පරීක්ෂාවට රෝහලෙන් කිසිවෙකු නෑ

https://www.gossiplankanews.com/2018/09/kalubowila-hospital-patient.html
ළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී උගුර කන නාසය පිළිබඳ සායනයට වාට්ටුවෙන් පිටතට පැමිණි පුද්ගලයකු රෝහලට යාබද සුනන්දාරාම මාවතේ රථගාලක බිම වැටි
පැය ගණනක් ගතවීමෙන් පසු මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් පෙරේදා 22 වාර්තා විය.
මියගිය පුද්ගලයාගේ අතෙහි සේලයින් එන්නත් කිරිමට සවිකරන කැනියුලාවක්ද තිබූ  අතර ඔහු 26 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව පොලිසිය කියයි. ඔහුව ඊට දිනකට පෙර 21 වනදා ගිලන් රථයකින්

රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිට ඇතැයිද පැවසේ.
22 වන දින ඔහු රෝහලට යාබද ගොඩනැගිල්ලේ සායනයට සහභාගීවීමට යමින් සිටියදී රථගාලේ ඇදවැටී ඇති අතර රථගාල භාරකරු එය දැක  ඒ බව ඔහු කළුබෝවිල රෝහලේ පොලිස් මුරපළට දන්වා ඇත. ඔවුන් රෝහල් බලධාරීන්ට මේ ගැන දන්වා ඇත. නමුත් රෝහලේ හෙදියක හෝ වෙනත් වගකිවයුතු කිසිවකුත් එම රෝගියා බැලිමට එම ස්ථානයට පැමිණ නොමැත. පැය ගණනක් ගතවීත් රෝගියා බිම වැටී සිටින නිසා රථගාල භාරකරු සවස 4ට පමණ නැවක වරක් වැටී සිටි පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු ඒ වන විට මියගොස් සිටිනු හඳුනාගෙන ඇත.

මේ බව නැවත වරක්
රෝහලේ පොලිස් මුරපොළව දන්වා ඇති අතර එම තොරතුර පොලිස් නිලධාරින් රෝහල් බලධාරීන්ට සහ කොහුවල පොලිසියට දැන්වූ පසු රෝහලින් ඒත් කිසිවෙකු එවා නැති අතර පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ පරික්ෂා කර මියගොස් සිටි පුද්ගලයා රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මෙම ස්ථානයට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ

පරික්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදුකොට ඇති අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට දන්වා ඇත. රෝහල් බලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මරණම්කරු කනෙහි ආසාදනයක් සඳහා 21 වැනිදා රෝහල්ගත කොට ඇති බවත් උගුර කන නාසය පිළිබඳ සායනයට ඉදිරිපත් විම සඳහා රෝහලේ නිකුත් කළ 9003/18 දරන අංකය තුන්ඩුව සමග ගමන් ගනිද්දී මරණයට පත්ව ඇති බව හෙළි විය. එම තුණ්ඩුවද මළ සිරුර සමග හමුවී ඇත.
කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(තොරතුරු-  ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බිමල් ශ්‍යාමන්)

No comments:

Post a Comment

Post Bottom Ad