බස් ගාස්තු 10% කින් ඉහළ යන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 17, 2018

බස් ගාස්තු 10% කින් ඉහළ යන ලකුණු

රජය ඉහළ දැමූ ඩිසල් මිලට සපේක්ෂව සියයට 10ක බස් ගාස්තු වැඩීවිමක් රජය හෙට (18) පැවැත්වෙන කැබිනට් සකච්ඡාවේදී ලබා දීමට තීක්දු කළ යුතු බව බස් හිමි සංගම් ප්‍රධානීහු පැවසුහ. සකච්ඡාවේදී ලබා දීමට
තීන්දු කළ යුතු බව බස් හිමි සංගම් ප්‍රධෘනීහු පැවසුහ.මේ පිළිබඳ ප්‍රධෘන බස් සංගම් කිහිපයක නියොජිතයෝ කොළඹදී අද විශේෂ සකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය. රජය මේ වන විට මාස 3ක් ඇතුළත ඩීසල් මිල රුපියල් 14ක් ඉහළ දමා ඇති නිසා බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුවද බස් ගාස්තු

වැඩිවිමකට අවස්ථාව තිබෙන බව සමස්ත ලංකා පෞද්ගලික පස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියාංජිත් මහතා පැවසීය. නව ගස්තුව වැඩි වීමේදී අවම බස් ගාස්තුවද ඉහළ දැමිය යුතු බව ඔහු පැවසීය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය පලියට‍ෙ ශ්‍රී ලංකාවේ තෙල් මිල මාසයකට වතාවක් ඉහළ දැමීම ජනතාවට කරන බරපතල අසාධාරණයක් වන්නේ ඒමඟින් පිළිබිඹු වන්නේ වර්තමාන රජයේ දුර්වලකම බවත් ඔහු පැවැසීය. කෙසේ වෙතත් මේ අවස්ථාවලදී රජය බස් ගාස්තු වැඩිවිමකට ඉඩ නොදුනොත් සියලු බස් හිමියන් ඒක රාශිකර දැවැන්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද අංජන ප්‍රියංජිත් මහතා වැඩිදුරටත් පැවැසීය.
මේ අතර බස් ගාස්තු මිල වැඩිවීමක් අවශ්‍ය බව ගැමුණු විජේරත්නද මින් ඉහත දන්වා ඇත.
-පානුක රාජපක්ෂ-

No comments:

Post a Comment

Post Bottom Ad