‘මුස්ලිම් රටක කළා නම් අද නෑ..බොද්ධයන්ගේ ඉවසීම නිවටකම ලෙස සිතා වැඩ වරද්දගන්න එපා‘ අලුත් පරපුරේ ජගත්ට ගම්මන්පිලගෙන් බර අවි ප‍්‍රහාරයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 28, 2018

‘මුස්ලිම් රටක කළා නම් අද නෑ..බොද්ධයන්ගේ ඉවසීම නිවටකම ලෙස සිතා වැඩ වරද්දගන්න එපා‘ අලුත් පරපුරේ ජගත්ට ගම්මන්පිලගෙන් බර අවි ප‍්‍රහාරයක්..

පසුගිය ජනාධිපතවරණ සමයේ කළ ප්‍රකාශයක් හේතුවෙන් බොහෝ දෙනා දැන හඳුනාගත් නළුවෙකු වන ජගත් මනුවරණ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූයේය.

“පසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කානුවක දැම්මේ නැත්තේ ඇයි කියලා. එදා මට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඇයි අම්මා ජගත්ව කානුවක දාන්න ඕනි කියලා. බොරු කියලා ජනතාව නොමග යවලා ඒ අය බලයට ගෙනා ආණ්ඩුව විසින් රටට කරන විනාශය දැක්කාම අනේ ඔව් මේ වගේ දරුවන් ඉපදුන වෙලාවේ කානුවක දැම්මා නම් හොඳයිනෙ වගේ හැඟීමක් මටත් ආවා.

පසුගිය සතියේ බුදු දහමට අපහාස කරන කළා කෘති රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේදී මනුවර්ණ කරපු කතාව ඇහුව්වාට පස්සේ මේ රටේ හැමෝටම විතරක් නෙවෙයි එයාගෙ අම්මටත් හිතෙන්න ඇති තමන්ගේ පුතා ඉපදුණු අවස්ථාවේම කානුවට දැම්මා නම් හොඳයි කියලා. මුස්ලිම් රටක ආගමට අපහාස කළා නම් මෙවන් පුද්ගලයන්ට ලැබෙන්නේ මරණ දඬුවම බවත් බෞද්ධයන්ගේ තාදී ගුණය, උපේක්ඛා ගුණය නිවටකමක් කියලා වරදවා තේරුම් අරගෙන බුදු දහමට තවදුරටත් අපහාස කළොත් බෞද්ධයන් නිහඬව නොසිටිනු ඇති බවටත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පලකලේය.

No comments:

Post a Comment

Post Bottom Ad